katatarasata.com

 

 

කජු අලුවා -

- සන්‍යා දිසානායක විසිණි.



හාල් පිටි කප් 4 ****සුදු සීනි කප් 3 **** කජු මද 10 පමණ (කුඩා කෑලි වලට කපා ගන්න ) **** ලුනු ස්වල්පයක් ***වතුර කෝප්ප 2 ක් ***එනසාල් කරල් 3,4 ------------සාදන ආකාරය -------- **** හාල් පිටි බැද ගෙන හලා ගන්න .එයින් මේස හැදි 2ක් විතර වෙනම අයින් කරන්න .කජු ටික පිටි එකට එකතු කරන්න.සීනි වතුර ලිප තබා හොඳින් පැනි නූල් ඇදෙන තෙක් උනු කරගන්න .එනසාල් තලා පැනි එකට එකතු කරන්න .ලුනු ස්වල්පය ද එයට දමන්න .හොඳින් පැනි උනු වූ පසු ලිපෙන් බා නිවා ගන්න .දැන් ට්‍රේ එකකට හෝ ලෑල්ලකට තෙල් තවරා ගන්න . ------- දැන් තමයි හොදම හරිය.අපි කෝකටත් කියල පැනි ටිකක් වෙනම අයින් කරමු .මොකද මදි උනොත් ගන්න පුලුවන් .ඒත් වැඩි උනොත් අලුවා මස් කට් වෙයි.දැන් පැනි බදුනට පිටි ටික ටික එකතු කර හොඳින් කලවම් කරන්න .මේක දියාරු වෙන්න බෑ.හොදට තද වෙන්න ඕන .පැනි මදි නම් අයින් කර එකෙන් ටිකක් එකතු කර ඉක්මනින් ලෑල්ලට දමා හොඳින් තද කරන්න.(මේ සදහා කෙසෙල් කොලයක් ,ප්ලාස්ටික් හැන්දක් තෙල් ටිකක් තවරාගෙන පාවිච්චි කරන්න පුලුවන් ) දැන් මේක ඉක්මනට හයි වෙන්න බලනවා . ඒනිසා ඉක්මනින් කෑලි කපා ගන්න කැමති හැඩයකට . අයින් කල පිටි වල අලුවා කෑලි දවටා ගන්න . -----------මේකෙ පදම තමයි ගොඩාක් අයට වරදින්නෙ, පැනි වලට පිටි දාද්දි අත ඉක්මන් කරගන්න ඕන .මම මේක හදන්න ඉගෙන ගත්තෙ මගේ මහත්තයගෙ අම්මගෙන් .එයා හදනවා මම දවසක් බලන් ඉදල තමයි ඉගෙන ගත්තෙ.සුදු පාට පුලුන් වගේ .කටේම දිය වෙනවා .හරිම රසයි .ඔයාලත් හදලා බලන්න කෝ. දැන් මගේ අත රිදෙනවා .මේක ලියලා.

සන්‍යා දිසානායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්නෝ වයිට් ඩාර්ක් චොකලට් කේක්
සන්‍යා දිසානායක

කජු අලුවා
සන්‍යා දිසානායක

පැණි වළලු
සන්‍යා දිසානායක

බනානා මිල්ක්ෂේක්
සන්‍යා දිසානායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 277
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 305
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 225
පාන්
By Priyanthi Tissera
Views - 250
පාන්
By Hasintha Madushan
Views - 222
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19523
පෑන් කේක්
By Indunee Welivita
Views - 17368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16625
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15802
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11949
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'