katatarasata.com

 

 

පැණි වළලු -

- සන්‍යා දිසානායක විසිණි.



අවශ්‍ය වෙනවා

උදු හුන්ඩු 1

සුදු කැකුලු හාල් හුන්ඩු 1 1/2

ලුනු ස්වල්පයක්

පැනි බෝතල් 1/2

(සීනි ගන්නවා නම් සීනි 500 g )

අවශ්‍ය පමණ පොල් තෙල්

සාදන ආකාරය :

උදු සහ හාල් වෙන වෙනම වතුර දමා වරුවක් පමන (උදේ සාදන වා නම් රාත්‍රී පෙගෙන්නට තබන්න .සවස සාදනවා නම් උදේ වරුවේ පෙගෙන්නට තබන්න ) ඉන් පසු සෝදා මේ දෙවර්ගයෙන්ම ටික ටික දමා වතුර ස්වල්පයක් ද එක් කොට ග්‍රයින්ඩර් එකෙන් අබරා ගන්න.මෙහිදි ගනකම් මිශ්‍රණයක් ලැබේ .එයට ලුනු ස්වල්පයක් එකතු කර මෙය පසෙකින් තබන්න . ඉන් පසු පැනි ටික උනු කර එය තරමක් නිවෙන්නට තබන්න . දැන් සාදා ගත් මිශ්‍රණය පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන එහි හරි මැද පුංචි සිදුරක් සාදා ගන්න .එසේ නැති නම් ඔයාලා ලග පයිපින් බෑග් එකක් තියෙනවා නම් වඩාත් සුදුසුයි .ඉන් පසු තෙල් ලිප තබා පයිපින් බෑග් එකට මේ මිශ්‍රණය දමා ගන්න ,තෙල් රත් වූ පසු පැනි වලලුවක් ආකාරයට මේ ගැඹුරු තෙලට මිශ්‍රණය වක් කරන්න .දෙපැත්ත රන් වන් පාටට බැදුනු පසු එය පැනි මුට්ටියට දමා ඊලඟ එක බැදෙන තෙක් පැනි උරා ගන්නට තබා පසව වෙන බාජනයකට ඉවත් කරන්න .මේ විදියට තමයි මම පැනි වළලු හදා ගත්තෙ.

මම කවදාවත් මේවා හදනවා දැකලා තිබුණේ නෑ.මම යාලුවෙකුගේ අම්ම කෙනෙකුගෙන් අහගෙන තමයි හැදුවෙ .පළවෙනි දවසෙම හොදට හැදුවා .දැන් මම නෑදෑ ගමන් යන්නත් හදා ගෙන යනවා.මට මේක හදන්න කියල දීපු පුබුදු ගෙ අම්මාට ගොඩක් ස්තූතියි .

සන්‍යා දිසානායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ස්නෝ වයිට් ඩාර්ක් චොකලට් කේක්
සන්‍යා දිසානායක

කජු අලුවා
සන්‍යා දිසානායක

පැණි වළලු
සන්‍යා දිසානායක

බනානා මිල්ක්ෂේක්
සන්‍යා දිසානායක
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 278
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 305
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 225
පාන්
By Priyanthi Tissera
Views - 250
පාන්
By Hasintha Madushan
Views - 222
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19525
පෑන් කේක්
By Indunee Welivita
Views - 17368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16626
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15803
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11949
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'