katatarasata.com

 

 

චොකලට් කස්ටඩ් කේක් - Chocolate Custard Cake

- ඇෆ්ශ්නා අෆ්ටාබ් විසිණි.



අවන් එක 170C රත් කරන්න. (Pre-heat)

🔷 1 වෙනි පියවර කැරමල් එක සඳහා....👇

සීනි 1/2 cup

වතුර 1/4 cup ගෙන pan එකකට දමා ලිප තබා රන්වන් පැහැය වන තෙක් උණු කර කැරමල් එක සදා අවන් එකට දාන්න පුලුවන් තැටියකට දාල පසෙකින් තියන්න.

🔶 2 වෙනි පියවර කස්ටඩ් එකේ මිශ්‍රණය සඳහා......👇

බිත්ත⁣ර 2

කිරි පිටි පවුඩර් 1 cup මැනීමට ඇති කප් වලින් ගන්න)

සීනි 1/4 cup

වැනිලා 1 තේ හැන්දක්

වතුර 1 +1/4 cup මේ සියල්ල කෝප්පයකට දාල බීට් කරන්න විනාඩි 3 ක් හොදින් ගසා ගත් මේ බැටරය වෙනම තියා ගන්න. ස්මූත් එකට ගසා ගන්න.

🔴 3 වෙනි පියවර කේක් මිශ්‍රණය සඳහා....👇

පිටි 3/4 cup

බේකින් පවුඩර් 1+1/4 tsp.

කොකෝ පවුඩර් 1+1/2 Tbsp.මේ තුන එකට හලා ගන්න.

බිත්තර 2

සීනි 1/4 cup

තෙල් 1/3 cup (Veg. Oil)

කිරි 1/4 cup

වැනිලා 1 tsp.

දැන් මේ සියල්ල එකට බීට් කරන්න විනාඩි 3ක්. වටේ එකතු කරමින්.

♦️♦️දැන් තමයි කැරමල් දාපු තැටියට මේ දෙක දාන්නෙ.

පළමුවෙන් 🔷2 වැනි අංකයේ ඇති කස්ටඩ් එක කැරමල් එක උඩට වත් කරන්න සමානව පැතිරෙන්නට.

නැවත 🔴⁣නො. 3 බීට් කර ගත් කේක් බැටරය කස්ටඩ් එක උඩට හෙමින් පැතිරිල යන්න වත්කර ගන්න.

(දැන් හිතෙයි දෙකම එකට දිය වෙයි කියල. බය වෙන්න එපා දිය වෙන්නෙ නෑ)

දැන් ලොකු තැටියක් ගෙන උණු කර ගත් වතුර දමන්න. ඒ මත හෙමින් කේක් තැටිය (උණු වතුර එක උඩ) තියන්න.

කේක් තැටිය වටෙන් පිට පැත්තෙ බාගයක් වතුර දැම්මම ඇති. වැඩිපුර එහෙම දාන්න එපා.

දැන් මෙය පරිස්සමින් රත් කර ගත් අවන් එකේ තබා බේක් කරන්න විනාඩි 25 ක් 30ක් පමණ. ටූත් පික් එකක් ගසා බේක් වී ඇද්දැයි බලන්න.

බේක් වී පිටට ගත් පසු ඔයාට පෙනේවි කේක් එක දැන් උඩ නේද තියෙන්නෙ කියල.

කස්ටඩ් එක හොයන්න නම් මොනවත් නොකර ශීතකරණයේ පැය 3 ක් 4 ක් කූල් කරන්න.

පසුව ශීතකරණයන් මෙය පිටතට ගෙන හෙමීට පිහි තලයකින් වටේ බුරැල් කර ලොකු ට්‍රේ එකක් ඒ මත තබා අනිත් පැත්ත හරවන්න. විනාඩි තුන හතරක් මෙලෙස තබා හිස් වූ කේක් තැටිය වෙන් කරන්න.

😱😂 දැන් ⁣බලන්න පුලුවන් ඔයාට කැරමල් උඩ ලස්සනට කේක් තට්ටුවත් ඉන් උඩට කස්ට⁣ර්ඩ් එකත් මතු වී ආ හැටි.

From ....Afsha

ඇෆ්ශ්නා අෆ්ටාබ් ගේ වෙනත් කෑම වට්ටෝරු


ක්‍රිස්මස් මාබල් ෂුගර් කුකීස්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

සීබ්‍රා කේක්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

චොකලට් කස්ටඩ් කේක්
ඇෆ්ශ්නා අෆ්ටාබ්

ඉඩ්ලි
ඇෆ්ශ්නා අෆ්ටාබ්
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 278
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 305
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 225
පාන්
By Priyanthi Tissera
Views - 250
පාන්
By Hasintha Madushan
Views - 222
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 19524
පෑන් කේක්
By Indunee Welivita
Views - 17368
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16625
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15802
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11949
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'