katatarasata.com

 

 

කොහිල බෝල්ස් කිරට

- සන්ධ්‍යා නිශාන්ති විසිණි.





"කොහිල බෝල්ස් කිරට " 
කොහිල බෝල සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය : 
කොහිල අල දෙකක් 
සිහින්ව කපා ගත් ලොකු ලූනු ගෙඩි 1 
චොප් කර ගත් සුදු ලූනු ගෙඩි 1 
මිරිස් කුඩු තේ හැදි 1/2 
කහ කුඩු ස්වල්පයක් 
ලුනු අවශ්‍ය පමණ 
අබ තේහැදි 1/4 
චොප් කර ගත් 
සුදු ලූනු ගෙඩි 1 
තරමක අල ගෙඩියක් තම්බා පොඩි කර ගන්න . 
තුනපහ කුඩු තේහැදි 1/2 
බැදීමට තෙල් අවශ්‍ය පමණ 
සිහින්ව කපා ගත් කරපිංචා කොල කිහිපයක් 
ලියා ගත් උම්බලකඩ මේස හැන්දක් 
පාන් පිටි ටිකක්

සාදන ආකාරය : 
කොහිල අල පොතු හැර සෝදා කුඩා කැබලි කපා ,වංගෙඩියකින් හෝ ග්‍රයින්ඩර් එකකින් කොටා ගන්න . ලුනු කුඩු ,කහ කුඩු දමා පසෙකින් තබන්න . තෙල්මේස හැන්දක් පමණ ලිප තබා එයට , අබ ටික දමා පුපුරද්දී කපා ගත් සුදු ලූනු , ලොකු ලූනු දමා ගන්න . කරපිංචා , උම්බලකඩ ,තුනපහ කුඩු ,,තම්බා පොඩි කර ගත් අල ,කොටා ගත් කොහිල දමා තෙම්පරාදු කර ගන්න .ලුනු අවශ්‍ය පමණ දමා ලිපෙන් බා ගන්න . දැන් නිවුනු පසු කුඩා බෝල සාදා මෙය පාන් පිටිවල දවටා ගැඹුරු තෙලේ බැද ගන්න . දැන් කොහිල බෝල්ස් සාදා අවසානයි. ඉන් පසු සාමාන්‍ය කිරි හොදි සාදන ආකාරයටම කිරි හොද්දක් සාදා එය හොදින් නටාගෙන එද්දී සාදා ගත් බෝල ටික එයට දමා ලිපෙන් බා ගන්න .දෙහි ඇබුල් චුට්ටක් දමා හැන්දෙන් හැදි නොගා හට්ටිය සොලවන්න.මෙය රස්නෙ පිටම ආහාරයට එක් කර ගැනීම වඩා සුදුසුය.ඉතාම රසවත් ව්‍යංජනයකි .දානයකට නම් උම්බලකඩ එක් කර නොගැනීමෙන් නිර්මාංශ ආහාරයක් ලෙසද සකස් කර ගත හැක. 

සන්ධ්‍යා නිශාන්ති ගේ වෙනත් කෑම වට්ටෝරු


නිවිති මිශ්‍ර මුරුංගා ව්‍යංජනය
සන්ධ්‍යා නිශාන්ති

කොහිල මෝජු
සන්ධ්‍යා නිශාන්ති

නිවිති ෆ්‍රයිඩ් රයිස්
සන්ධ්‍යා නිශාන්ති

කොහිල බෝල්ස් කිරට
සන්ධ්‍යා නිශාන්ති
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3751
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1607
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2363
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3823
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2892
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13755
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12320
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12041
පෑන් කේක්
By Indunee Welivita
Views - 9287
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8744
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'