katatarasata.com

 

 

විශේෂ මස් බතක්

- ආත්මා ඇන්තනී විසිණි.



Athma's special මස් බත් 
අවශ්‍ය දේවල් :
හාල් කෝප්ප 6-7 (මම හදල තියෙන්නෙ බාස්මතී වලින්, සම්බා වලින් සහ සුදු හාල් වලිනුත් හරිම රසයි)
කපා ගත් කුකුළු මස් 1 kg (ලුනු, කහ, ගම්මිරිස් දාලා සීසන් කරගන්න)
කපාගත් ලූණු ගෙඩි 1
තලාගත් සුදුලූණු බික් 6-7
තලාගත් ඉගැරැ අගලක්
තලාගත් එනසාල් 6-7
රම්පෙ කරපිංචා 
සේර ගහක් තලලා හෝ කපලා
තුන පහ තේහැදි 4-5
මිරිස් කුඩු තේහැදි 3-4 (තමන්ට අවශ්‍ය තරමට අඩු වැඩි කර ගන්න)
ගොරකා කෑලි 3-4 (මම ගොරකා දාන්නෙ එතකොට මස් ටික තැලෙන්නෙ පෙලෙන්නෙ නෑ)
තෙල් හෝ බටර් හෝ ගී මේස හැදි 1-2
තක්කාලි ගෙඩි 2-3 (අත්‍යවශ්‍ය නෑ)
කැමතිනම් චිකන් කියුබ්ස් 1-2
ලුනු 

සාදන අයුරු :
හාල් සොදල වතුර පෙරල තියාගන්න.
මස් ටික සීසන් කරගත්තනෙ.
දැන් ලොකු වලදක් ලිපේ තියල තෙල් ටික රත් කරගන කපාගත් ලූණු,කරපිංචා, රම්පෙ ,සේර, තලාගත් ඉගැරැ ,සුදුලූණු ,එනසාල් තෙම්පරාදු කරගන්න.
රන්වන් පාටට හැරෙනකොට තුන පහ, මිරිස් කුඩු තෙලටම දාලා ටිකක් ලාවට රෝස්ට් කරගන්න. 
දැන් වතුර නොහිටින්න සීසන් කරගත්ත මස් ටික, ගොරකා, තක්කාලි එකතු කරලා චුට්ටක් වෙලා උයන්න.
බාගෙට තැම්බීගෙන එනකොට ඒකට සෝදා ගත් හාල් එකතු කරල වැඩි ගින්දරේ හොදට මිශ්‍ර කරන්න. දැන් බත ඉදෙන්න අවශ්‍ය තරම් වතුර එකතු කරන්න. 
ලුනු හෝ චිකන් කියුබ්ස් දාලා රස හොදද බලන්න. 
ලුනු ගතිය ලාවට වැඩි වුනාට කමක් නෑ. එතකොට බත ඉදිලා ඉවර වෙනකොට. බත් ඇටවල ලුනු රස හොදට තියෙනවා.
බත බාගෙට ඉදෙනකොට වාශ්ප පිට නෙවෙන විදියට හොදට වහන්න.මම aluminum foil එකෙනුත් වහලා පියනෙන් වහනවා.
දැන් ඉතින් ඉවසීමෙන් ඉන්න..බත ඉදෙනකල්.
ඉදිච්ච ගමන්ම කන එක තමයි මගේ පුරැද්ද. එතකොට තෙත ගතියට උණු උණුවෙම මාර රසයි....
මේක තමයි සාමාන්‍යයෙන් මම හදන විදිය.
අද බතටනම් හාල් දාන්න කලින් පුන්චියට කපාගත් මින්චි කොල සහ කොත්තමල්ලි කොළ අහුරක් දැම්මා. ඒක අත්‍යවශ්‍ය නෑ. මට ගෙදර තිබුන නිසා දැම්මා. කජුත් මද 10-15 දැම්මා. ඒ වගේ දවසින් දවස දේවල් අඩු වැඩි කරනවා.. අමුතුම රසවල් හොයන්න.

ආත්මා ඇන්තනී ගේ වෙනත් කෑම වට්ටෝරු


විශේෂ මස් බතක්
ආත්මා ඇන්තනී

බර්ෆි (ඉන්දියන් රසකැවිලි වර්ගයක්)
ආත්මා ඇන්තනී

වට්ටක්කා සුප්
ආත්මා ඇන්තනී

ස්පයිසි ඇන්ඩ් චීස් සුරිනාම් රොටී
ආත්මා ඇන්තනී
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3131
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1269
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1909
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3137
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2418
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12691
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11549
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11367
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8161
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7970
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'