katatarasata.com

 

 

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



** ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් ) / French Bread **

අවශ්‍ය ද්‍රව්‍ය -
ගත හැකි ආසන්න ප්‍රමාණයන්
පිටි 927g - ( 925g)
යීස්ට් 10g  
සීනි 05g
ලුණු 19g - ( 20g ක් මැනගෙන එයින්
ස්වල්පයක් ඉවත් කරන්න. ලුණු වැඩිකර
ගන්න එපා )
බටර් 05g
ජලය 556g / ml - ( 555g/ml )

** තේ හැදි 1 = 5g / 5ml
1g = 1ml

## ප්‍රංශ පාන් තැටි - ( 1වන රූප )

සාදන ක්‍රමය -

1. පිටි හා යීස්ට් හොදින් කලවම් කරගන්න.
2. එයට සීනි හා ලුණු කලවම් කරගන්න.
3. එයට ජලය දමා මිශ්‍රකර ගන්න.
4. පිටි මිශ්‍රණය කලවම් වූ විගස බටර් එකතුකර හොදින් අනාගන්න.
5. ඉන්පසු මෝලිය ගෙන බෝලයක් සාදා ලන්ච් ශීට් එකකින් වසා විනාඩි 20ක් තබාගන්න. ( 2, 3 වන රූප )
6. පසුව පිපුන මෝලිය ( 4වන රූපය ) තලා 300g ප්‍රමාණ වලට වෙන්කර ඇබලෝන් හැඩ සාදා වසා විනාඩි 15ක් තබාගන්න. ( 5 වන රූපය )
7. ඉන්පසු පිපුන මෝලි වලින් ( 6වන රූපය ) එක් එක් ඇබලෝන් හැඩය බැගින් ගෙන මේසය මත තබා එම හැඩයටම තලා ( 7, 8 වන රූප ) උඩ හා යට පැත්ත මාරුකර දෙපැත්තෙන් තීරුව බැගින් මැදට නවා ගන්න. 9 වන රූපයේ පරිදි අත්ලෙන් නැවුම තද කරන්න. ( 9, 10 වන රූප )
8. ඉන්පසු එයත් එක තීරුවක් වන ලෙස නවා ගන්න. ( 11 වන රූපය )
9. එම තීරුව හොදින් රෝල් කර අවශ්‍ය ප්‍රමාණයේ දිගට රෝල්කර ප්‍රංශ පාන් තැටියක තබා පිපීමට තබාගන්න. ( 12, 13 වන රූප )
10. ෆොයිල් කොළ මගින් අපිට අවශ්‍ය ලෙස ප්‍රංශ පාන් තැටියට සමාන ලෙස හැඩයක් සාමාන්‍ය තැටියක් මත සකස්කර ගත හැක. ( 14 වන රූපය )
11. තැටි මත පිපුන ප්‍රංශ පාන් මෝලි ( 15 වන රූප ) මත කැපෙන තලයක් ගෙන පාන් එකේ කෙලවර මැද සිට දිග අතට කැපුම් දමාගන්න. ( 16 වන රූපය )

## ප්‍රංශ පාන් වල දිග අනුව බේකරි ක්ෂේත්‍රයේ සම්මත කැපුම් සංඛ්‍යාවක් දක්වා ඇත.

* පාන් එකේ දිග - කැපුම් ප්‍රමාණය 
30cm - 3
50cm - 5
70cm - 7 

12. පාන් ටික පුළුස්සා ගන්න.
220c° - ස්ටීම් කිරීම තත්පර 10
බේක් කිරීම විනාඩි 30 ක් පමණ 
( 17 වන රූප )

## ප්‍රංශ පාන් පුළුස්සා ගැනීමේදී පළමුව තත්පර 10ක් ස්ටීම් කල යුතුයි. සමහර අවන් වල ස්ටීම් කිරීමේ හැකියාව ඇත.
නමුත් එසේ නොවන අවන් සදහා පාන් එක අවන් එකට දමන මොහොතේදීම උණු වතුර කුඩා කෝප්පයක්ද ඇතුලතින් තබාගන්න. එවිට එයින් ජල වාෂ්ප පිටවී අවනය තුල ස්ටීම් තත්වයක් ඇතිවේ.
## ප්‍රංශ පාන් වල ක්‍රිස්පි ගතිය එන්නෙ මේ ස්ටීම් කිරීම මගිනි.

 

(පෙළ රූප සහ පැහැදිලි විස්තර සදහා ඉහත ලින්කුව තුලින් ප්‍රදාන පොස්ට් එකට පිවිසෙන්න.)

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ස්පයිසි බිරියානි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ ස්මූති
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

අඹ මිල්ක්ශේක්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

රෙන්ච් බ්‍රෙඩ් ( ප්‍රංශ පාන් )
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4572
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2013
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3055
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4739
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3458
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15499
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13717
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12902
පෑන් කේක්
By Indunee Welivita
Views - 12370
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9712
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'