katatarasata.com

 

 

චොකලට් කේක් පුඩිමක්

- කාංචනා ජයසේකර විසිණි.



සීනි කෝප්ප 1/2
ලොකු බිත්තර 6
කුකින් චොකලට් 160g (semi sweet )
ලුනු තේ හැදි 1/2

චොකලට් ටික ඩබල් බොයිල් කරලා මෙල්ට් කර ගන්න.දැන් ඒක පැත්තකින් තියා ගන්න . බිත්තර කහ මද සුදු මද වෙන් කර ගන්න. දැන් කහ මද ටිකට සීනි කෝප්ප 1/2 දාලා ව්ස්ක් එකකින් හොඳට මිශ්‍ර කර ගන්න . දැන් ඒකටම අර මෙල්ට් කර ගත් චොකලට් ටික දාලා විනාඩියක් විතර චොකලට් බිත්තර මිශ්‍රණයේ සම්පූර්ණයෙන් මිශ්‍ර වෙන තෙක් මිශ්‍ර කරන්න . සුදු මද ටිකට ලුනු තේ හැදි 1/2 ක් දාලා සුදු පෙන එන තෙක් බීට් කරන්න . දැන් බිත්තර සුදු මද ටික ස්පැතියුලා එකකින් හරි ලී හැන්දකින් හරි චොකලට් මිශ්‍රණයට දමා හොඳට උඩ යට පෙරලා ගන්න . දැන් මේ බැටර් එක, පෙර සූදානම් කර ගත් කේක් පෑන් එකට දමා ගන්න. දැන් ලොකු පෑන් එකක් අරගෙන ඒකට උණු වතුර දමා,කේක් බැටර් එක දැමූ පෑන් එක එහි මැද තබන්න . දැන් පරිස්සමෙන්, අංශක 180 ට පෙර උණුසුම් කර ගත් අවන් එකට දමා විනාඩි 25- 30ක් බේක් කර ගන්න .දැන් මේ කේක් පුඩ්ං එක උඩින් අයිසින් සීනි ඉහලා උනුසුම්ව කෑමට ගන්න . ( කේක් පෑන් එක මේ විදියට සූදානම් කර ගන්න ..අඟල් හයේ රවුම් පෑන් එකක් අරගෙන ඒක ඇතුලෙ හොඳට බටර් ගාලා සීනි ඉස ගන්න .)

කාංචනා ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


අමු පහේ කුඩු
කාංචනා ජයසේකර

බැදපු තුන පහ කුඩු
කාංචනා ජයසේකර

නුටෙලා කප් කේක්
කාංචනා ජයසේකර

චොකලට් කේක් පුඩිමක්
කාංචනා ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4835
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3232
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4984
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3649
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15968
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14007
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13185
පෑන් කේක්
By Indunee Welivita
Views - 12858
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9958
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'