චොකලට් කප් කේක්
- දුල්ගා පෙරේරා විසිණි.
ඩාර්ක් චොකලට් කප් 1
සීනි මේස හැදි 1
වතුර මේස හැදි 2
කෝපි තේ හැදි 1/4
විප්ක්‍රීම් කප් 1/2
සාදන ක්‍රමය -
සීනි , කෝපි වතුරෙ දියකර ලිපතබා බුබුළු දාගෙන එනවිට ගින්දර අඩුකර චොක්ලට් දමා හොදින් දියකර ගන්න. එය වෙනත් භාජනයකට දමා නිවෙන්නට තබන්න.
විප්ක්‍රීම් සොෆ්ට් පීක් මට්ටමට බීට් කරගන්න.
දැන් චොක්ලට් මිශ්‍රණය විප්ක්‍රීම් එකට දමා හිමින් මිශ්‍රකර ගන්න.
මෙය පැය 2ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න.
චොක්ලට් කප් එක සදහා,
දියකර ගත් චොක්ලට්, කප් කේක් හැඩැති සිලිකන් කප් එකකට දමා වටේ කරකවමින් චොක්ලට් ටික කප් එකේ ඇතුළත හොදින් තවරා ගන්න. වැඩිපුර ඇති චොක්ලට් ඉවත්කර ගන්න. එය විනාඩියක් විතර සවි වෙන්න තබා නැවත නැවතත් මෙසේ චොක්ලට් දමමින් කප් එක අවශ්‍ය ඝනකමට එනතුරු සාදාගන්න. වේලුන පසු සිලිකන් කප් එකෙන් චොක්ලට් කප් එක නොකැඩෙන ලෙස හිමින් ගලවා ඉවත්කර ගන්න. දැන් චොක්ලට් කප් එකට චොක්ලට් මූස් දමා පිළිගන්වන්න.
සැ.යු. - චොක්ලට් කප් එක සෑදීමේදී උණුවෙන්ම චොක්ලට් දැමිය හැකි, චොක්ලට් කප් එක සාදාගත් පසු පහසුවෙන් එය ගලවාගත හැකි අච්චු භාවිතා කරන්න.
![]() By Hiru Sandu Views - 3318 |
![]() By Ishara Sajani Kavinga Views - 1356 |
![]() By Dulga Perera Views - 2023 |
![]() By Niranjala Fernando Views - 3326 |
![]() By Kanchana Jayasekara Views - 2552 |
![]() By Ruwanthika Madushani Views - 13024 |
![]() By Shiki Ranasinghe Views - 11792 |
![]() By Indunee Welivita Views - 11587 |
![]() By Indunee Welivita Views - 8439 |
![]() By Chathurani Priyangika Views - 8319 |