katatarasata.com

 

 

නෙයිඅප්පම්

- ඉන්දු කුමාරි ජයසේකර විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය :-
කැකුලු හාල් කෝප්ප 1 1/2
පිස ගත් බත් කෝප්ප 2
හකුරු බෑ 1
අවශ්‍ය නම් ගා ගත් පොල් කෝප්ප 1/2
ලුණු ටිකක් 
කරඳමුංගු 3ක්
සීනි ටිකක් අවශ්‍ය නම් 
බැද ගැනීමට පොල් තෙල් 
හදන්නේ මෙහෙමයි ....
හාල් ටික පෙඟෙන්න තියන්න .පැය 2ක් විතර ..මම තිබ්බෙ පැය දෙකයි.හාල් ගත්තෙ රයිස් කුකර් එකේ කප් එකෙන් . පස්සෙ හාල් ටික සෝදලා වතුර පෙරල පැත්තකින් තියන්න .හකුරු ගාගෙන ඒ ටිකට වතුර කෝප්ප 1 1/4 ව්තර දාල උනු කර ගන්න .නිවෙන්න තියන්න .දැන් පැත්තකින් තිබ්බ හාල් ටික අරගෙන බ්ලෙන්ඩර් එකට දාන්න .ඒකටම උයා ගත්ත බත් ටිකත් ලුණු කරඳමුංගු දාන්න ..අවශ්‍ය නම් පොල් දාන්න ..නිවෙන්න තිබ්බ හකුරු මිශ්‍රණය මේ ටිකට දාල හොඳින් බ්ලෙන්ඩ් කරන්න. විනාඩි 3ක් විතර ..පොඩ්ඩක් අල්ලලා බලන්න කෑලි තියෙනවාද කියලා ..කෑලි අහු වෙනවා නම් ආපහු බ්ලෙන්ඩ් කරන්න ..පැණි රස මදි නම් සීනි ටිකක් දාන්න .මට පැණි රස මදි හිතුනා ..ඒ නිසා සීනි මේස හැඳි 2ක් දැම්ම .මුල් රෙසිපි එකේ සීනි දාන්න කියලා තිබ්බෙ නෑ .ටිකක් උකු මිශ්‍රණයක් හදාගන්න ..උකු වැඩි නම් වතුර චුට්ටක් දාන්න .
දැන් පොල් තෙල් ටිකක් රත් කරල හදා ගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාල බැද ගන්න .මම මේස හැන්දෙන් එකක් දැම්ම .ඒ වගේම එක සමාන වෙන්න ඕන කියලා හිතුන නිසා කොණ්ඩ කැවුම් හදද්දී ගන්න රවුම දාලා ඒකට තමයි පිටි ටික දැම්මෙ.රන්වන් පාට වෙනකල් බැද ගන්න

ඉන්දු කුමාරි ජයසේකර ගේ වෙනත් කෑම වට්ටෝරු


මෑ කරල් සුදුලූණු බැදුම
ඉන්දු කුමාරි ජයසේකර

ඌරු මස් කරි
ඉන්දු කුමාරි ජයසේකර

ගොරකා අච්චාරු
ඉන්දු කුමාරි ජයසේකර

කෙසෙල් මුව මැල්ලුම
ඉන්දු කුමාරි ජයසේකර
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2850
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1113
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1599
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2805
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2200
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12158
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11158
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11025
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7826
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7692
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'