katatarasata.com

 

 

චිකන් ෆජිටා බේක්

- කෝෂලා පෙරේරා විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය:
~චිකන් බ්‍රෙස්ට් කෑලි 2ක් (දෙදෙනෙකු සදහා)
~ෆජිටා සීසනින්
* මිරිස් කුඩු තේ හැදි 2
* සූදුරු කුඩු තේ හැදි 1
* ගාලික් පවුඩර් (මේවා නැතිනම් සුදුලූණු චොප් කරලා ගන්න)
* ගම්මිරිස් කුඩු සැර අනුව
* කොත්තමල්ලි කුඩු තේ හැදි 1
* ලුණු (චිකන් වලත්, සෝස් වලත් ලුණු ඇති බැවින් කල්පනාවෙන්)
****ඉහත සියල්ල හොදින් කළවම් කරගත්තම ෆජිටා සීසනින් තමා ඉතින් ;) :D 
~තක්කාලි සෝස් අවශ්‍ය පමණ
~තීරු කපා ගත් පාට කිහිපයක බෙල් පෙපර්
~බී ලූණු ගෙඩියක්
~දෙහි බෑයක්
~මොසරැල්ලා හෝ චෙඩාර් චීස් අවශ්‍ය පමණ

සාදන ක්‍රමය:
~බේක් කිරීමට සුදුසු භාජනයක් ගෙන කලින් හදා ගත් ෆජිටා සීසනින් (තේ හැදි බාගයක් විතර ඉතුරු කරගන්න) හොදින් තවරා ගෙන චිකන් අතුරා ගෙන විනාඩි 10ක් පමණ තබන්න.
~දැන් චිකන් උඩින් තක්කාලි ‍සෝස් අතුරා ගන්න. චිකන් වැහෙන විදියට.
~දැන් එයට උඩින් තීරු කපා ගත් පාට පාට බෙල් පෙපර් අතුරා ගන්න.
~ඊට උඩින් කපා ගත් ලූණු ද අතුරාගන්න.
~මෙයට උඩින් දෙහි ඉස්ම හා ඉතුරු කරගත් ෆජිටා සීසනින් ටික ඉසගෙන, කලින් 180°C ට රත් කරගත්ත අවන් එකක විනාඩි 30-45ක් බේක් කරගන්න.
~අවන් එකෙන් ඉවත් කරගන්න විනාඩි 10කට විතර කලින් චීස් උඩින් අතුරා ගන්න. නැත්තන් චීස් ටික කරවෙනවා.

කෝෂලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ඇන්ඩ් ගාලික් ස්පැගති
කෝෂලා පෙරේරා

චිකන් ෆජිටා බේක්
කෝෂලා පෙරේරා

ස්ලොපි ජෝ පොටැටෝස්
කෝෂලා පෙරේරා

ජෙලි ලේයර් පුඩිම්
කෝෂලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4572
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2013
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3055
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4739
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3458
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15499
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 13717
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12902
පෑන් කේක්
By Indunee Welivita
Views - 12370
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9712
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'