katatarasata.com

 

 

මික්ස් චොප්සි

- ඉන්දුනී වැලිවිට විසිණි.









අවශ්‍ය දුව්‍ය.
කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන්, බට්න් මෂ්රූම්, බෙල් පෙපර්, bean sprout (මුං ඇට ළපටි අංකුර) වගේ ගැලපෙන එළවලු අවශ්‍ය පමණ
මස් වර්ග (චිකන්, පෝක්) මාලු, ඉස්සො, දැල්ලෝ අවශ්‍ය පමණ
ලූණු ටිකක්
ලීක්ස් ටිකක් 
සෝයා සෝස් රස අනුව
ඹයිස්ටර් සෝස් රස අනුව
සුප් කැට 1 පමණ (MSG නැති වර්ගයක් ගන්න)
ගම්මිරිස් කුඩු ස්වල්පයක්
ලුනු රස අනුව
සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගන්න
තෙල් අවශ්‍ය පමණ

සාදන ආකාරය.
• කැරට්, බොංචි, ගෝවා, කෝලි ප්ලවර්, බ්‍රොකලි, බේබි කෝන් වැනි එළවලු පොඩියට කපා ගෙන බාගෙට තැම්බෙන තුරු ස්ටීම් කරන්න. 
• මස්, මාලු, ඉස්සො, දැල්ලෝ පිරිසුදු කර කෑලි කපා ගන්න. ඒවාට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු ටිකක් අතගා ගැඹුරු තෙලේ බැද ගන්න.
• තෙල් (එළවලු අනුව ප්‍රමාණය හිතා ගන්න) රත් වන විට සුදු ළූණු, ඉඟුරු ටිකක් තලාගෙන දාන්න. 
• එයට ලූනු සහ ලීක්ස් ටිකක් දමා කවලම් කරමින් බදින්න. 
• එය බැදෙන විට bean sprout, බට්න් මෂ්රූම්, බෙල් පෙපර් (තිබේ නම්) දමා කවලම් කරන්න. 
• දැන් එයට ස්ටීම් කරපු එලවලු දමා කවලම් කර වසා විනාඩි 2 පමණ තියන්න. 
• එයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු ටිකක්, සෝයා සෝස් සහ ඔයිස්ට සෝස් (තියෙනවා නම්) රස අනුව දමා කවලම් කරන්න. 
• සුප් කැටයක් දිය කර දැම්මොත් තවත් රසයි. ඒත් MSG නැති සුප් කැට විතරක් දාන්න. සුප් කැට දාන්නේ නැති නම් වතුර මේස හැඳි කීපයක් දමන්න. 
• මෙය තවත් විනාඩි 1-2 (එළවලු බාගෙට තැම්බෙන ගානට) කවලම් කරමින් ලිපේ තබන්න.
• දැන් බැදගත් මස්, මාලු, ඉස්සො, දැල්ලෝ දාන්න. තක්කාලි සෝස් ටිකක් රස අනුව දමා කවලම් කරන්න.
• කෝන් පිටි මේස හැන්දක් සහ සිනී චූට්ටක් (තේ හැඳි 1/4) විතර ඇල් වතුර කෝප්ප 1/2 ක දියකර චොප්සියට දමා හැඳි ගා දිලිසෙන ගතිය ආවිට බාන්න. කලින් චොප්සි එක හදනවා නම් මේසයට යවන්න ලං කර ලිපේ විනාඩියක් පමණ තබා කෝන් පිටි මිශ්‍රණය දමා ගන්න.
• අන්තිමටම ලුණු රස හරිද බලන්න. ලුණු වැඩි කර ගන්න එපා. සෝයා සෝස්, ඔයිස්ට සෝස්, සුප් කැට ලුණු රස වැඩි කරනවා. ලුණු වැඩි වෙලා නම් වතුර ටිකක් දමන්න. 
• මෙය ෆ්‍රයිඩ් රයිස් සමග හෝ බාස්මතී බත් සමග පිළිගැන්විය හැකියි.

 

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3751
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1607
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2363
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3823
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2892
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13755
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12319
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 12041
පෑන් කේක්
By Indunee Welivita
Views - 9287
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8744
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'