katatarasata.com

 

 

ජෙලි ලේයර් පුඩිම්

- කෝෂලා පෙරේරා විසිණි.





අවශ්‍ය ද්‍රව්‍ය
කැමති පාටවලින් ජෙලි කිහිපයක් (මම ගත්තේ ස්ට්‍රෝබෙරි සහ ග්‍රීන් ඇපල් රස ජෙලි) 
පොඩි මිල්ක්මෙඩ් ටින් 1 ක් 
ජෙලටින් මේස හැදි 2 ක් 
උණුවතුර කප් 2 ක්
100% ඉවසීම 

සාදන ආකාරය
ජෙලි පැකට්ටුවේ ඇති උපදෙස් වල දක්වා ඇති වතුර ප්‍රමාණයට වඩා 50ml හෝ 100ml පමණ අඩුවෙන් වතුර භාවිතා කර ජෙලි සාදාගන්න. එම ජෙලි දියරය හොදින් නිවෙන්නට හරින්න. එතකොට ජෙලි සෙට් වෙන්න පහසුයි.
සුදු පාට ලේයර් සදහා උණුවතුර කප් දෙකක් ප්‍රමාණයට ජෙලටින් මේස හැදි 2 දමා හොදින් දිය කරගන්න. ඉන්පසු එයට මිලක්මේඩ් එකතු කර හොදින් මිශ්‍ර කර හොදින් නිවෙන්නට තබන්න (රස්නේ තිබුණොත් ජෙලි දියවෙන නිසා). මයික්‍රොවේව් එකේ පොඩ්ඩක් රත් කරලා ගත්තම ජෙලටින් හොදට දිය වෙනවා.
ඊළගට පුඩිං එක දමා ගන්න භාජනයක් ගෙන හොදින් බටර් තවර ගන්න.
දැන් මුලින්ම ජෙලි තට්ටුවක් දමා සෙට් වෙන්න ශීතකරණයේ තියන්න.
එය හොදින් සවි වූ පසු හොදින් නිවුන මිල්ක්මෙඩ් ලේයර් එකක් එකතු කරන්න. එයත් ශීතකරණයේ තබා හොදින් සෙට් වූ පසු තව ජෙලි තට්ටුවක් දාන්න. මේ විදියට මිශ්‍රණ ඉවර වෙනකල් මාරුවෙන් මාරුවට මේ ආකාරයට ලේයර් දමා ගන්න. 
ඉන්පසු හොදින් සවි වූ පසු පරිස්සමෙන් අනිත් පැත්ත හරවා ගන්න.

**මේ ලේයර්ස් සමානව හෝ අඩු වැඩි කරගන්න. ලස්සනට තියේවි. පාට කිහිපයක් එකතු උනාමත් ලස්සනයි

කෝෂලා පෙරේරා ගේ වෙනත් කෑම වට්ටෝරු


චිකන් ඇන්ඩ් ගාලික් ස්පැගති
කෝෂලා පෙරේරා

චිකන් ෆජිටා බේක්
කෝෂලා පෙරේරා

ස්ලොපි ජෝ පොටැටෝස්
කෝෂලා පෙරේරා

ජෙලි ලේයර් පුඩිම්
කෝෂලා පෙරේරා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3130
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1268
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1908
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3136
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2417
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12691
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11549
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11366
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8161
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7970
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'