katatarasata.com

 

 

කිම්බැප්

- ඉන්දුනී වැලිවිට විසිණි.



මේ සුෂී (Sushi) වල කොරියන් ක්‍රමය. ඒකට කියන්නේ Kimbap. kim /gim කියන්නේ seaweed කියන එක. ඒ නම් ඇවිත් තියෙන්නේ මේක ඔතන ෂීට් ජාතිය මුහුදු පැළෑටි වලින් හදන නිසා. bap කියන්නේ බත් කියන එකයි. අපි හාල් කියනවා වගේ saal කියනවා. ඉව්වාම බත් කියනවා වගේ එහේ කියන්නේ bap කියලා. ටිකක් අපේ වගේම නම් නේද? හරිම රසයි. කාලා බලන්නකෝ smile emoticon

• බිත්තර ඔම්ලට්, පිපිඤ්ඥා (cucumber), කැරට්, බෙල් පෙපර්, මාලු මිරිස්, pickled radish, ඉස්සන්, දැල්ලන්, මාලු, මස්, හැම්, බේකන්, නිවිති කොළ, අලි පේර, seafood sticks වගේ ගැලපෙන දේවල් කීපයක් සුදානම් කර ගන්න. එළවලු, මස්, මාලු නම් සිහින් තීරු කපා ගම්මිරිස් කුඩු, සෝයා සෝස් ටිකක් දමා තෙලෙන් යාන්තමට බැද ගන්න. (1 පින්තූරය බලන්න). ගම්මිරිස් දාන්න ඕන නෑ. ඒත් අපි ආස විදියට ටිකක් සැරට තමයි මම හදන්නේ. 


• සුෂී හාල් (නැතිනම් සුදු හාල් කමක් නෑ) හොඳින් සෝදා උයන්න. සුදු හාල් නම් ටිකක් බෙරි වෙන්න උයන්න. බත් උණුවෙන් තියෙද්දිම බඳුණකට දමා ගන්න. විනාකිරි වලින් සීනි, ලුණු දිය කර ගෙන බත් එකට දමා හොඳින් මිශ්‍ර කරන්න (පින්තූරය බලන්න). විනාකිරි කෝප්ප ½ කට සීනි මේස හැඳි 1යි ලුණු තේ හැඳි 1 තමයි කියලා තියෙන්නේ. ඒත් ඔයාලගේ රස අනුව හදා ගන්න. (2 පින්තූරය බලන්න)
• සුෂී මැට් එකක් (ඉරටු වලින් හදපු පැදුරක් වගේ) ඕන වෙනවා හරි විදියට ලස්සනට හදන්න නම්. ඒත් රෙදි කෑල්ලක් උඩ තියලත් පුලුවන්. සුෂී මැට් එක cling film (lunch sheet උනත් හොඳ ඇති) වලින් වසා ගන්න. එතකොට කලක් පිරිසිදුවට පාවිච්චි කරන්න පුලුවන්. (3 පින්තූරය බලන්න)
• දැන් එකක් අරන් සුෂී මැට් එක උඩ තියන්න දිලිසෙන පැත්ත යටට තියෙන විදියට. Seaweed sheets, Nori sheets, Sushi sheets මේ ඕනෑම නමකින් ගන්න තියෙනවා තද කොළ පාට ෂිට් ජාතියක්. (4 පින්තූරය බලන්න)
• ඒ ෂිට් ඒක උඩින් බත් ඉතාම තුනීවට තද කරමින් අතුරන්න. එක කෙලවරකින් අඟලක් පමණ ඉතිරි කරන්න. එයට උඩින් සකස් කරගත් එළවලු තීරු සහ මස් මාලු තීරු අතුරා ගන්න (5 පින්තූරය බලන්න).
• දැන් රූපයේ ආකාරයට ඉඩ ඉතිරි නොකළ පැත්තෙන් පටන් ගෙන තදින් රෝල් කරන්න. ෂිට් එකේ ඉතිරි කළ තැනත් ඉවර වෙනකම් රෝල් කරන්න. එතනින් ඉබේම ඇලවෙනවා (6 පින්තූරය බලන්න)


• දැන් හොඳින් කැපෙන පිහියකින් අඟල් ½ - 1 ප්‍රමානයට පෙති කපා ගන්න.


සෝයා සෝස් සමග ආහාරයට ගන්න.

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


පෑන් කේක්
ඉන්දුනී වැලිවිට

බුල්ටෝ ටොෆී
ඉන්දුනී වැලිවිට

ලෙමන් ක්‍රීම් කේක්
ඉන්දුනී වැලිවිට

ෆොන්ඩන්ට් අයිසින් සාදන අාකාරය සහ කේක් එක ආවරණය කරන ආකාරය
ඉන්දුනී වැලිවිට
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3577
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1502
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 2220
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3605
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2744
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 13475
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 12093
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11855
පෑන් කේක්
By Indunee Welivita
Views - 8932
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8588
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'