katatarasata.com

 

 

මාරි බිස්කට් පුඩිම

- රුවන්තිකා මධුෂාණි විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:

මැලිබන් ගොල්ඩ් මාරි පැකට් ග්‍රැම් 250
හරිස්චන්ද්‍ර කෝපි පැකට් 1යි

අයිසින් ෂුගර් 150ග්‍රෑ
ඇස්‍ට්‍රා මාගරින්
කොර්න් ෆ්ලවර්
චොක්ලට් පවුඩර්
සීනි
කැබලි කඩාගත් කජු
කිරි කෝප්ප 4
වැනිලා

සාදන ක්‍රමය:
1. ඉතා තදට කෝපි රස සිටින සේ සීනි නොදා කෝපි සාදා ගන්න. එයට අත දමන තරම් රස්නෙ ඇති විට මාරි බිස්කට් එයට දමා පොගවන්න. (බිස්කට් කඩා ගන්න එපා)
ඇස්ට්‍රා තැවරූ තැටියක බිස්කට් තට්ටුව අතුරා ගන්න. 
2. ඇස්ට්‍රා, අයිසින් සීනි බදුනකට දමා බීට් කරන්න. එයට වැනිලා දමා නැවත බීට් කරන්න. මෙයට කිරි ටික ටික දමා උකු ද්‍රාවනයක් සාදා ගන්න. මෙය පෙර කී බිස්කට් තට්ටුව මතට වත් කරන්න.
3. මෙලෙස බිස්කට් තට්ටු හා අයිසින් තට්ටු කීපයක් දමා ගන්න. අන්තිමට බිස්කට් තට්ටුව දමා අයිසින් නොදා තබන්න.
4. කොර්න් ෆ්ලවර් හැදි දෙකක් චොක්ලට් කුඩු රස අනුව සීනි සමග මිශ්‍ර කරන්න. නිවුනු කිරි කොප්ප 2ක් ගෙන එම මිශ්‍රනය දමා දිය කරන්න.
5. මෙය පෙරා ලිප තබා හැදි ගාමින් මද රස්නෙන් උනු කරන්න. එය උකු වී සවි වීමට ආසන්න විට (කස්ටඩ් හදන පදම) ආ විට ලිපෙන් බා අර බිස්කට් මතට වත් කරන්න. ඇත්තටම එ්ක ගොඩක් උසට දන්න එපා. ( උස වැඩි උනාම තාත්ත කියන්නෙ අර දොදොල් වගෙ එක වැඩි කියලා).. 
6. මේක ටිකක් වැඩි වෙලා ෆ්‍රිජ් එකේ තියන්න. හොදම දේ රෑට හදල දාන්න. උඩින් කජු කැබලි, චොකලට් කැබලි ඉස අලන්කාර කර ගන්න.. හොදට හයි උනාම කෑලි කපන්න පුලුවන්...

රුවන්තිකා මධුෂාණි ගේ වෙනත් කෑම වට්ටෝරු


චොක්ලට් බෝල
රුවන්තිකා මධුෂාණි

ඌරු මස් කරිය
රුවන්තිකා මධුෂාණි

බැදපු කෝලිෆ්ලවර් සලාදය
රුවන්තිකා මධුෂාණි

චීස් දාපු අල බෝල
රුවන්තිකා මධුෂාණි
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4835
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3232
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4984
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3649
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15965
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14007
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13185
පෑන් කේක්
By Indunee Welivita
Views - 12855
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9958
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'