katatarasata.com

 

 

එළවළු චොප්සි

- තිලිනි ගයත්‍රී මුතුනායක විසිණි.





ලොකු පොඩි කවුරුත් ආස චොප්සි එකක් හදාගන්න විදිහ බලමු.මේ මේ එළවලුව දාන්න කියලා කියන්නෙ නෑ ඉතින් ගෙදරට නිතර ගේන කැරට් බෝංචි ගෝවා හතු වැනි එලවලු වගේම මස් ඉස්සො වගෙ දේවල් දාලා හදන්න පුලුවන් විශේෂ අවස්තාවකට නම් ලස්සන වැඩි වෙන්නත් එකක බොක් චොයි කොල ටිකක් හෝ චයිනීස් කැබේච් තව බේබි කෝනස් වගෙ දේවල් එකතු කරගන්න.මම අද හැදුවේ එලවලු චොප්සි එකක් එහෙනම් බලමු හදන විදිහ.
1.එලවලු සියල්ල සෝදාගන්න.
2.හතු ටික උතුරන වතුරට දාලා ටික වෙලාවක් තබන්න.
3.කැරට් සහ අර්තාපල් තරමක් ලොකු පෙති කපාගන්න.
3.හතු ටිකත් කපා ගන්න.මම ගත්තෙ බටන් මෂ්රූම් ඔයාලාට පහසුවෙන් හොයාගන්න පුලුවන් හතු වර්ගයක් යොදා ගන්න පුලුවන්.
4.කෝන් පිටි ටිකක් ඇල් වතුරෙ දිය කරගන්න.
(මේස හැදි දෙකකට වතුර කෝප්ප කාලක් වගෙ දාලා)
5.භාජනයක් ලිපේ තියලා බටර් ටිකක් දාගන්න එයට කපා ගත් ලූනු සුදුලූනූ දාලා ටිකක් වෙලාවක් තියන්න.
6.ඊලගට පිලිවෙලින් අල කැරට් සහ හතු දාගන්න.(ඔබ යොදා ගන්න එලවලු පිසිමේදි ගත වන කාලය අනුව එකතුකරගන්න)
7.දැන් එලවලු ටිකෙන් භාගයක් පමන වැසෙන මට්ටමට වතුර යොදා ගෙන රස අනුව ලුනු ගම්මිරිස් ඔයිස්ටර් සෝස් සහ සෝයා සෝස් එකතු කර ටික වේලාවක් පිසගන්න.
8.වතුරෙ දිය කරගත් කෝන් පිටි ටිකත් එකතු කර හොදින් කවලම් කරගන්න.
9.කෝන් පිටි දැම්මට පසු සෝස් එකක් වගෙ තික්
වෙනවා.තික් වුනාට පස්සෙ එලවලු තැම්බී ඇත්දැයි බලා ලිපෙන් බාලා බොක් චොයි කොල සහ ගෝවා එකතු කරගන්න.

තිලිනි ගයත්‍රී මුතුනායක ගේ වෙනත් කෑම වට්ටෝරු


ගෙදරදීම සකස්කර ගත් හාල් පිටි වලින් ඉදිආප්ප
තිලිනි ගයත්‍රී මුතුනායක

පාන්
තිලිනි ගයත්‍රී මුතුනායක

ස්වීට් මිල්ක් බන්ස්
තිලිනි ගයත්‍රී මුතුනායක

අයිස් කෝපි
තිලිනි ගයත්‍රී මුතුනායක
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2969
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1188
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1679
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2953
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2301
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12417
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11357
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11195
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7983
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7812
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'