katatarasata.com

 

 

රයිස් කුකර් වටලප්පන් - Ricecooker Watlappam

- නිශා නවරත්න විසිණි.



ඔන්න රෙසිපි ඉල්ලපු අයට...

සමහරැන්ට ඉන්බොක්ස් කරා..

මේ හැම දෙයක්ම හිතේ මිම්මෙන් දැම්මේ ..

මෙහෙම දාන්න ඔයාලා ..

බිත්තර 6 ක් (කහ මදය එක්ක තියනවා සුදු කෑල්ලක් ඒක අයිත් කරන්න )

*හීනියට ලියා ගත් පොඩි හකුරු පලුවක් ..(මට ලන්කාවෙන් එවලා තිබුනේ සොෆ්ට් කිතුල් හකුරු වෙන්නැති )

*මැගි පොල්කිරි උකු කෝප්පයක් පමණ ..

ගොඩක් අය අහලා තිබ්බා රස අමුතු නැද්ද කියලා ...අනේ මන්දා මම නම් උයන්නෙත් මැගි පොල්කිරි වලින්..

ඔයාලා අකමැති නම් උකු පොල්කිරි දාන්න ..

*ලුනු ටිකක් .

*කරදමුන්ගු ඇට කීපයක් කුඩු කරගත්..ගොඩක් පැනිරස කැමැති අය *සීනි ටිකක් දාන්න ..

කජු

*සාදන ක්‍රමය

සීනී ටිකක් වතුර ටිකක් දමා කැරමල් කර වට්ලප්පන් දාන බාජනයට දාන්න ..

රයිස් කුකර් එක වතුර දමා ඔන් කරන්න .

බිත්තර ටික කරදමුන්ගු දමා බ්ලෙන්ඩ් කරන්න ..මෙයට

හකුරු ,පොල්කිරි ,ලුනු දමා හොඳින් බ්ලෙන්ඩ් කරන්න ..

කැරමල් දමා ගත් බාජනයට මේ මිශ්‍රනය දාන්න.

වට්ලප්පන් දාපු බාජනය ෆොයිල් එකකින් හොදින් වහන්න ..

දැන් වට්ලප්පම රයිස් කුකර් එකේ ස්ටීම් කරන්න .

මම නැවත රයිස් කුකර් එක උඩ නැවත ෆොයිල් එකකින් සීල් කරනවා හුමාලය නොයන්න ..

විනාඩි 40 -50තියන්න .

විනාඩි 10ක් වගේ තියලා..ෆ්‍රිජ් එකේ දාන්න . පිහියකින් වටේ බුරුල් කරලා අනික් පැත්තට හරවන්න ..

කජු වලින් කැමැති විදිහට සරසන්න ..

🙂 රෙසිපි ගත්තා වගේම හදලා අපිටත් ගේන්න ...හොදේ..

නිශා නවරත්න ගේ වෙනත් කෑම වට්ටෝරු


ෂුගර් කුකීස්
නිශා නවරත්න

මැංගෝ ඇන්ඩ් බනානා මිල්ක්ෂේක්
නිශා නවරත්න

ෆ්‍රෝසන් බ්ලූ බෙරීස්, බනානා ඇන්ඩ් හනී මිල්ක්ෂේක්
නිශා නවරත්න

කාමරංගා ජූස්
නිශා නවරත්න
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 36
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 26
පාන්
By Priyanthi Tissera
Views - 26
පාන්
By Hasintha Madushan
Views - 21
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 49
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18747
පෑන් කේක්
By Indunee Welivita
Views - 16047
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16011
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15260
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11519
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'