ක්වික් වටලප්පන් ( මැගී පොල්කිරි යෙදූ ) - Quick Watlappam
- නිශා නවරත්න විසිණි.
හකුරු පලුවෙන් බාගයයි තිබුනේ පොඩියට කපා ගන්න .
බිත්තර 6ක් ( කහමද ලග තියෙන සුදු කෑල්ල හැන්දකින් ඉවත් කරන්න )
තලා ගත් කරදමුන්ගු ඇට 3ක් පමණ
උකු මැගි පොල්කිරි කප් 1ක් පමණ
ලුනු ටිකක්
කජු
සීනි මේස හැදි 3ක් පමණ
සාදන ක්රමය ..
රයිස් කුකර් එකට වතුර ටිකක් දමා ඔන් කරන්න ..
මම ගත්තෙ ඒක ඇතුලට බස්සන්න පුළුවන් බාජනයක් ..
එම බාජනයට සීනි ටික දමා අඩු ගින්දරෙ හැදිගාමින් දුබුරැ කර ගන්න .
කපා ගත් හකුරු ටිකකුත් දාන්න ..
බිත්තර ටික ලුනු ,කරදමුන්ගු දමා බ්ලෙන්ඩර් කරන්න ..
හකුරු දාන්න .
පොල්කිරි දාන්න .
මේ මිශ්රනය කලින් සාදා ගත් බාජනයට දාන්න ..
හොඳින් ෆොයිල් එකකින් සීල් කරන්න .
හෙමින් රයිස් කුකර් එකට තියන්න .ඇතුලට වතුර නොයන්න ..
රයිස් කුකර් එකත් උඩ්න් ෆොයිල් එකකින් වසා සීල් කරන්න ..
විනාඩි 30-40 තියන්න .
ෆොයිල් ඉවත් කර පිහියකින් ටිකක් ඇනලා බලන්න ..
විනාඩි 5ක් විතර තියලා පිහියකින් වටේ බුරුල් කර පිගානක් ගෙන හිමින් අනික් පැත්ත හරවලා කජු වලින් සරසන්න
![]() By Manel Fernando Views - 36 |
![]() By Uresha Uresha Views - 26 |
![]() By Priyanthi Tissera Views - 26 |
![]() By Hasintha Madushan Views - 21 |
![]() By Janisha Bamunuarachchi Views - 50 |
![]() By Ruwanthika Madushani Views - 18748 |
![]() By Indunee Welivita Views - 16048 |
![]() By Shiki Ranasinghe Views - 16011 |
![]() By Indunee Welivita Views - 15260 |
![]() By Chathurani Priyangika Views - 11519 |