මිල්ක්මේඩ් වටලප්පන් - Milkmaid Wattalappam
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
මිල්ක්මේඩ් වටලප්පන්..
අවශ්‍ය ද්‍රව්‍ය -
මිල්ක්මේඩ් පොඩි ටින් 1
බිත්තර 8 ( ලොකුම ප්‍රමාණයේ බිත්තර නම් 7 ක් ඇති )
කිතුල් හකුරු 260g
වැනිලා ස්වල්පයක්
වතුර මිල්ක්මේඩ් ටින් එකෙන් 1ක්
එනසාල් කුඩු ටිකක්
සීනි මේස හැදි 1/2 ( වටලප්පන් මිශ්‍රණය දාන භාජනයේ ප්‍රමාණය අනුව අවශ්‍ය නම් වැඩිකර ගන්න )
සාදන ක්‍රමය -
1. මුලින්ම සීනි ටික ලිප තබා කැරමල් වූ පසු වටලප්පන් එක සාදන භාජනයට දමා සිසිල් වන්න තබන්න.
2. හකුරු කුඩාවට කඩා ලිපතබා දියකර ගන්න.
3. දිය වූ හකුරු වලට මිල්ක්මේඩ් , වතුර හා එනසාල් කුඩු එක්කර හොදින් මිශ්‍රකර ලිපෙන් ඉවත්කර නිවෙන්නට තබන්න. ( වැඩි වේලාවක් ලිපේ තැබීම අවශ්‍ය නෑ . සියල්ල මිශ්‍ර වූ සැනින් ලිපෙන් ඉවත් කරන්න )
4. බිත්තර හොදින් ගසාගන්න. එය පෙරාගන්න. ( බිත්තර පෙරා ගත්විට වටලප්පන් එකේ පිළී ගදක් ඒම සිදු නොවේ. පෙරීමෙන් වෙන් වන සුදුමදේ ඇති ඝනකම් කොටස් ඉවත් කරන්න. ඒවායින් තමා පිළී ගද එන්නෙ )
5. එයට වැනිලා එක්කර ගන්න. ( මෙයිනුත් සමහරුන්ට බිත්තර වලින් එන පිළීගද නැතිවේ )
6. නිවාගත් හකුරු මිශ්‍රණය ( තද රස්නෙ නැතුව රස්නෙ යන්තමින් තිබුනට කමක් නෑ ) හා බිත්තර මිශ්‍රණය හොදින් මිශ්‍රකර ගන්න. බීට් කරන්න එපා. එවිට වටලප්පන් වල ස්වභාවය නැතිවී පුඩිමක ස්වභාවයක් ඇතිවේ.
7. දැන් මිශ්‍රණය කැරමල් දැමූ භාජනයට දමාගන්න. අවශ්‍යනම් පෙරා ගන්න. ( හකුරු වල වැලි ගතියක් ඇතිබව සැකනම් )
8. ෆොයිල් කොළයකින් පුඩින් භාජනයේ උඩ වසා විනාඩි 45ක් පමණ ස්ටීම් කරගන්න.
# අවන් එකේ දානවානම් වතුර භාජනයක් උඩ පුඩින් භාජනය තබා 160c° - විනාඩි 45ක් පමණ තබාගන්න. එක එක අවන් වල කාලයන්ගෙ වෙනසක් සිදුවිය හැකි නිසා විනාඩි 35-40 ක් ගියපසු බලා අවශ්‍ය ප්‍රමාණයට තබාගන්න.
![]() By Nirukshi Fernando Views - 4 |
![]() By Chameera Pathinayaka Views - 5 |
![]() By Nazeema Nizardeen Views - 3 |
![]() By Dns Rajapakshe Views - 2 |
![]() By Nazeema Nizardeen Views - 3 |
![]() By Ruwanthika Madushani Views - 18421 |
![]() By Shiki Ranasinghe Views - 15736 |
![]() By Indunee Welivita Views - 15657 |
![]() By Indunee Welivita Views - 14915 |
![]() By Chathurani Priyangika Views - 11313 |