කිතුල් පැණි වටලප්පන් -
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
කිතුල් පැණි වටලප්පන්..
අවශ්‍ය ද්‍රව්‍ය -
පැණි 250ml / 250g
උකුවට පොල්කිරි 250ml / 250g
( ගොඩාක් උකුවට ගන්න )
බිත්තර 5
එනසාල් කුඩු ටිකක්
වැනිලා ස්වල්පයක් ( අවශ්‍යනම් )
සාදන ක්‍රමය -
1. පොල්කිරි හා කිතුල් පැණි මිශ්‍රකර ගන්න.
2. බිත්තර වෙනමම හොදින් ගසාගන්න.
මේ විදියට බිත්තර හොදින් ගසාගත් විට තමා වටලප්පන් එක ලස්සනට හැදෙන්නෙ. වටලප්පන් සෑදීමේදී බිත්තර පමණයි හොදින් ගසා ගන්නෙ. ඒක නිසා හොදින් බිත්තර ගසාගන්න හෑන්ඩ් විස්ක් / ගෑරප්පුවක් මගින්.
3. දැන් හොදින් ගසාගත් බිත්තර පෙරාගන්න. එවිට බිත්තර වල ඇති ඝනකම් කොටස් පහසුවෙන් ඉවත්කර ගත හැක.
පිලී ගදක් එනවා කියලා සමහරු කියන්නෙ . ඒ බිත්තර වල ඒ ඝනකම් කොටස් තිබුනම තමා.
4. දැන් බිත්තර මිශ්‍රණය පැණි මිශ්‍රණයට එක්කර, එයට එනසාල් කුඩු ස්වල්පයක් , වැනිලා ස්වල්පයක් එක්කර හොදින් මිශ්‍රකර ගන්න.
* මෙහිදී බීට් කිරීම / ගසා ගැනීම නොකරන්න. එවිට වටලප්පන් එක පුඩින් එකක් වගේ වෙනවා. හොදින් මිශ්රකිරීමක් පමණක් කරන්න.
5. දැන් අවශ්‍ය භාජන වලට දාලා, ඒ භාජන ෆොයිල් එකකින් / පියනකින් වසා, විනාඩි 45ක් පැයක් ස්ටීම් කරගන්න.
* මෙහිදී කාලය සුළු වශයෙන් එහා මෙහා වෙන්න පුළුවන්. ඒ නිසා විනාඩි 45ක් වගේ වෙනකොට බලන්න ස්ටීම් වෙලා ඇතිද කියලා.
6. ස්ටීම් වූ පසු නිවෙන්නට තබා, ශීත කර ගන්න.
* වර්ණය ටිකක් අඩුයි වගේ. ඒත් රසනම් උපරිමයි. හොදම කිතුල් පැණි ගන්න රසට හදාගන්න නම්.
* කැමති කෙනෙකුට සීනි ටිකක් කැරමල් කරලා පාට වැඩිකර ගන්න පුළුවන්. ඒත් දැන් හකුරු වලිනුත් එන්නෙ මේ පාටම වගේ නිසාත්, කැරමල් අවශ්‍ය නැති නිසාත් මම යොදාගන්නෙ නම් නෑ
![]() By Nirukshi Fernando Views - 4 |
![]() By Chameera Pathinayaka Views - 5 |
![]() By Nazeema Nizardeen Views - 3 |
![]() By Dns Rajapakshe Views - 2 |
![]() By Nazeema Nizardeen Views - 3 |
![]() By Ruwanthika Madushani Views - 18421 |
![]() By Shiki Ranasinghe Views - 15736 |
![]() By Indunee Welivita Views - 15657 |
![]() By Indunee Welivita Views - 14915 |
![]() By Chathurani Priyangika Views - 11313 |