නූඩ්ල්ස් සුප් - Noodles Soup
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
සාදන ක්‍රමය -
1. පිටි, ලුණු හා තෙල් එකට මිශ්‍රකර ගන්න.
2. එයට වතුර ටික ටික අවශ්‍ය ප්‍රමාණයට එකතු කර අතේ නොඇලෙන මෝලියක් සාදාගන්න.
3. එය පිටි ඉසගත් මේසයක් මතට දමා විනාඩි 10ක් පමණ හොදින් අනා මෘදු මෝලියක් සාදාගන්න. ( 1වන රූපය )
4. එය ලන්ච් ශීට් එකකින් වසා පැය 1/2 ක් පමණ තබා ගන්න. ( මමනම් පැයක් ලංවෙන්න තිබ්බ )
( 2වන රූපය )
5. පසුව මෝලිය ගෙන පිටි ඉස 2mm පමණ ඝනකමට තුනී කරන්න. ( 3 වන මෝලිය )
පැය 1/2ක් තැබූ පසු මෝලිය ඇදෙන ගතියකින් යුතුව ඉතා මෘදු තත්වයට පත්වී තිබේ.
6. තුනීකල මෝලිය මතට හොදින් පිටි ඉස රෝල් කරන ආකාරයට නවාගන්න. නවන සෑම විටම නැවුම් එකිනෙකට නොඇලෙන ලෙස හොදින් පිටි ඉසගන්න. ( 4, 5වන රූප )
නවල තීරු කපන්න අමාරුනම් තුනීකල මෝලිය එසේ තිබියදීම සිහින් තීරු වලට කපා ගන්න පුළුවන්.
7. නවාගත් මෝලිය එක කෙලවරක සිට සිහින් තීරු කපමින් නැවූ රැලි දිගහැර ගන්න. ( 6වන රූපය )
8. එම කැපූ රැලි වල ඇලෙන ගතිය යන්නට පිටි වල දවටා ගන්න. මෙම රැලි සෙමින් ඇදීමෙන් තවත් රැලි සිහින්ව දිගට ඇද ගැනීමට හැකිය. පසුව අනවශ්‍ය පිටි ටික හොදින් ගසා ඉවත්කර ගන්න.
( 7වන රූපය )
දැන් නූඩ්ල්ස් ටික ලැහැස්තියි
**********************
## චිකන් සුප් එක සෑදීම
අවශ්‍ය ද්‍රව්‍ය -
කුකුල් මස් පපු කොටස 500g
සුදුළූණු බික් 16
වතුර කප් 16
සාමාන්‍ය ප්‍රමාණයෙන් ලොකු ළූනු 1
( 4ට කපා ගන්න )
ළූනු ගස් 2 කොළ පොඩියට කපා
තල තෙල්
ෆිෂ් සෝස් රස අනුව
කලු ගම්මිරිස් කුඩු
ලුණු
සුකිනි පොඩි ගෙඩි 1- සිහින්ව තීරු කපා ( ජූලියන් ක්‍රමයට )
පොඩි කැරට් ගෙඩි 1 - සිහින්ව තීරු කපා ( ජුලියන් ක්‍රමයට )
එළවළු තෙල්
සාදන ක්‍රමය -
1. මස්, වතුර, ළූනු හා සුදුළූණු ටිකක් වැඩි ගින්දරේ පැයක් හෝ පැයකට ලං වෙන්න කාලයක් වතුර කප් 13ක ප්‍රමාණයට පමණ එනතෙක් තම්බා ගන්න.
2. එය පෙරා ගන්න. මෙය පැහැදිලි නමුත් කිරි ගතියක් ඇති සුප් එකකි. ( 8වන රූපය )
3. සුකිනි වලට ලුණු තේහැදි 1/4ක් දමා විනාඩි 5-10ක් තබා වතුර ගතිය හොදින් මිරිකා හරින්න.
4. තෙල් ටිකක් රත්කර කැරට් ටික දමා ලුණු යන්තමින් ඉස කැරට් ටික යන්තමින් සෝටෙ කරගන්න. ( 9 වන රූපය )
5. සුකිනි ටිකද යන්තමින් සෝටෙ කරගන්න. ලුණු දාන්න එපා. ( 9වන රූපය )
6. සුප් එකේ සුදුළූණු ටික තෝරා එය හොදින් පොඩිකර එය සුප් එකට මිශ්‍රකර ගන්න.
7. රස අනුව ලුණු, ගම්මිරිස්, තල තෙල් තේහැදි 2ක් පමණ හා ෆිෂ් සෝස් එකතුකර සුප් එක නැවත ලිප තබන්න.
8. සුප් එක උතුරගෙන එනවිට එයට නූඩ්ල්ස් ටික දමා විනාඩි 4-6ත් අතර තම්බා ගන්න. මෙම නූඩ්ල්ස් ඉක්මනින් තැම්බේ.
සුප් එකත් සුදු පැහැයකට හැරෙයි.
9. තැම්බුන මස් ටිකත් තීරු කඩා ගන්න.
10. සාදාගත් නූඩ්ල්ස් උණුවෙන්ම බෝල් එකකට දමා උඩින් එළවළු හා මස් තබා අලංකාර කරගන්න. ළූනු කොළ ඉස ගන්න.
# මෙය කිමිචි එක්කර කෑමට ගන්නත් පුළුවන්.
## මෙහි රසය සැර කර ගැනීමට නම්,
කෑලි මිරිස් මේස හැදි 2ක කට තල තෙල් තේහැදි 2ක් මිශ්‍රකර සුප් එක සමග ටික ටික මිශ්රකරමින් ආහාරයට ගත හැක.
# සුප් එකේ රස ගම්මිරිස් ටිකක් වැඩිපුර දමා සැර කරගන්නත් පුළුවන්..
## උණුසුම්ව කෑමෙන් තමා මේකෙ ගොඩාක් රස දැනෙන්නෙ..
![]() By Nirukshi Fernando Views - 3 |
![]() By Chameera Pathinayaka Views - 4 |
![]() By Nazeema Nizardeen Views - 2 |
![]() By Dns Rajapakshe Views - 1 |
![]() By Nazeema Nizardeen Views - 2 |
![]() By Ruwanthika Madushani Views - 18421 |
![]() By Shiki Ranasinghe Views - 15736 |
![]() By Indunee Welivita Views - 15657 |
![]() By Indunee Welivita Views - 14915 |
![]() By Chathurani Priyangika Views - 11313 |