katatarasata.com

 

 

කටු කාරල්ලො සුප් -

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

කාරල්ලො අවශ්‍ය පමණ

----

* අඹරාගන්නට අවශ්‍ය මිශ්‍රණයට..

කොත්තමල්ලි ඇට

සූදුරු ටිකක්

කරපිංචා කොළ ටිකක් වැඩිපුර

සුදුළූණු බික් කිහිපයක්

එනසාල් ඇටයක් දෙකක්

කුරුදු කෑල්ලක්

ගම්මිරිස් ඇට හෝ කුඩු

----

ලුණු

----

තක්කාලි - රෝගියාගෙ තත්වය අනුව යොදාගන්න. අවශ්‍යම දෙයක් නොවේ

----

රතුළූනු

----

තෙල් වර්ගයක් - තෙම්පරාදු කරනවානම්

----

දෙහි යුෂ

සාදන ක්‍රමය -

1. අඹරාගන්න දී ඇති ද්‍රව්‍ය අවශ්‍ය පමණට ගෙන හොදින් අඹරාගන්න.

2. දැන් කාරල්ලො වලට වතුර වැඩිපුර තබා, අඹරාගත් මිශ්‍රණය, ලුණු එක්කර හොදින් තැම්බෙන්න හරින්න. ( අවශ්‍යනම් තක්කාලි එක්කර ගත හැක. එය රෝගියාගෙ තත්වෙ අනුව බලා යොදාගන්න )

3. හොදින් තැම්බුන කාරල්ලො මිශ්‍රණය ලොකු හැන්දකින් පොඩි වනලෙස මිශ්‍රකර ගන්න.

4. මිශ්‍රණය උකු වනතුරු හොදින් මද ගින්දරේ පිසගත යුතුයි. උකු වනතුරු කිව්වෙ සුප් වලට අවශ්‍ය උකු දියර ගතියක් එනතුරුයි.

5. මේ මිශ්‍රණය පෙරණයක් මගින් හොදින් පෙරාගන්න. මාළු හොදින් පොඩි කර, දියරයේ මිශ්‍රවන ලෙස පොඩි කර, පෙරා සුප් දියරය වෙන්කර ගන්න.

6. දැන් මෙයට රස අනුව දෙහි යුෂ එක්කර උණුවෙන්ම බීමට දෙන්න.

----------

* හොදින් කොත්තමල්ලි , සූදුරු , කරපිංචා , සුදුළූණු රස එන්න සුප් එක හදාගන්න. එතකොට තමා රස, ගුණ වගේම කෑම රුචිය වැඩි වෙන්නෙත්.

* මෙහිදී තෙම්පරාදු නොකර බීමට ගන්නවානම් ඇඹරූ මිශ්‍රණය එක්කරන මොහොතේම මාළු සමග රතුළූනු එක්කර තැම්බෙන්නට තබාගන්න.

* තෙල් අගුණයක් නැති හෝ කෑම අප්පිරියාව වැඩි, අරුචිය වැඩි අයකුට පොඩි තෙම්පරාදුවක් සමග රසය තවත් වැඩිකර දිය හැක. එවිට පොල්තෙල්, ඔලිව් තෙල්, බටර් වැනි තෙල් වර්ගයක ස්වල්පයක් රත්කර ලියාගත් රතුළූනු එක්කර බැදෙන විට සුප් මිශ්‍රණය හා එක්කර සුප් එක තෙම්පරාදුවක් කරගත හැක.

#සෑම විටම අලුත් කටු කාරල්ලො සුප් එකට යොදාගන්න. එවිට සුප් එක ගොඩාක් රසවත්. තෙම්පරාදුවක් අවශ්‍යම නැති තරමටම.. කොහොම හැදුවත් ගොඩාක් රසවත් , ගුණදායක සුප් එකක් තමා මේ

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


සුදු පොල්තෙල් හා සාමාන්‍ය පොල්තෙල් ගෙදර හදමු
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

කටට රසට හර්බ්ස් ගාඩ්න් 2
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

කටට රසට හර්බ්ස් ගාඩ්න්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

ස්ටොක් වර්ග
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
පන්න කොත්ත
By Nirukshi Fernando
Views - 4
පපයා පන්න කොත්ත
By Chameera Pathinayaka
Views - 5
පපයා පන්න කොත්ත
By Nazeema Nizardeen
Views - 3
මැන්ගෝ පන්න කොත්තා
By Dns Rajapakshe
Views - 2
මැන්ගෝ පන්න කොත්තා
By Nazeema Nizardeen
Views - 3
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18421
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 15736
පෑන් කේක්
By Indunee Welivita
Views - 15657
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 14915
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11313
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'