katatarasata.com

 

 

මාලු ඇඹුල් තියල් හදලා බේක් කරලා

- මුතු තරංගා විසිණි.



කෙලවල්ලො මාලු 500g විතර,,මාලු කෑලි කපලා හොදට සෝදලා පැත්තකින් තිබ්බා,,
තරමක ගොරකා කෑලි 4ක් විතර අරන් වතුර චුට්ටක් දාලා ටික වෙලාවක් තම්බා ගත්තා,,එහෙම කරේ ගොරකා මෘදු කර ගන්නයි,,ඊට පස්සේ ඒ ගොරකා ටික බ්ලෙන්ඩර් එකට දාලා,,අර ඉතුරු උන ව්තුර චුට්ටත් එක්කම ,, මාලු වලට රස අනුව දාන ලුනු වලට වඩා චූට්ටක් වැඩියෙන් ලුනු දාල ,, අමු මිරිස් කරලක්,සුදු ලූනු බික් 5ක් විතර,,කරපින්චා කොල අහුරක්,,ගම්මිරිස් ඇට හෝ කුඩු දාලාබ්ලෙන්ඩ් කරගත්තා,,ඇඹුල් තියල් එකට ගොරකා රසත් එක්කම ලුනු රසත් හොදට දැනෙන්න ඕනේ ඒකයි ලුනු චුට්ට්ක් වැඩි කරන්නේ,,දැන් තික් පේස්ට් එකක් තියෙනව,,ඕනෙ නම් චුට්ටක් රස බලන්න,,ඊට පස්සේ මැටි හට්ටියක් අරන් කෙසෙල් කොලයක් එලුවා,,ඊට පස්සෙ අර තික් පේස්ට් එකෙ හොදට කලවම් කරපු මාලු කෑලි හට්ටියේ කෙසෙල් කොලේ උඩ අඩුක් කරා,,ඊට පස්සේ මන් පැය බාගයක් විතර ඒක රස අල්ලන්න තිබ්බා,,ඊට පස්සේ වතුර ටිකක් දාලා මාලූ එක තවත් කෙසෙල් කොල කෑල්ලකින් වහලා,,පියනකිනුත් වහලා ඉතාම්ත් අඩු ගින්දරේ හෙමීට උයා ගත්තා,,නටන කොට හට්ටිය දැපැත්තෙන් අල්ලලා හෙලෙව්වා,,හැදි ගාන්න එපා,, කැමති අයට ඉස්මත් එක්ක ගන්න පුලුවන්,,එත් බේක් කරන නිසා මන් හින්දුවා,,හොදට හිදුනම,,ටිකක් නිවෙන්න තියලා,,බේකින් ට්‍රේ එකකට බටර් චූට්ටක් වෙන්න ගාලා මාලු ටික අඩුක් කරලා,,150c විනාඩි 20-25ක් විතර බේක් කරා,,ඔයාලා මීට වඩා වෙනස් විදියට, රසට ඇඹුල් තියල් හදනවා ඇති,,ඔයාලගේ ක්‍රමේටත් හදලා බේක් කරලා බලන්න හරි රසයි..කල් තියාගන්නත් පුලුවන්.

මුතු තරංගා ගේ වෙනත් කෑම වට්ටෝරු


මාලු ඇඹුල් තියල් හදලා බේක් කරලා
මුතු තරංගා

ගෝවා මල් බැදුම
මුතු තරංගා

තක්කලි මාලු මිරිස් හොද්ද
මුතු තරංගා
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 2842
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1110
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1594
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 2792
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2189
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12131
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11144
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11015
පැනි රොටී
By Chathurani Priyangika
Views - 7809
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7681
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'