katatarasata.com

 

 

තක්කාලි සෝස්

- සීතා පොන්නම්පෙරුම විසිණි.



තක්කාලි සෝස් (Tomato Sauce) ප්‍රමිතියට හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය ;

තක්කාලි පල්ප් 400g
සීනි 60g
මිරිස් කුඩු 4g
විනාකිරි 40ml
ඉගුරු 6g
සුදු ලූනු 6g
ලුණු 4g
කරදමුංගු 2g
කරාබුනැටි 1g
කුරුදු පොතු 2g
කෝන්ෆ්ලා තේහැදි 1 (1.2g)

සාදන ක්‍රමය :

මේ සදහා හොදින් පැසුනු මස් තක්කාලි වඩාත් සුදුසුයි . තැලුනු , බෙරි උන ඒවා භාවිතා කරන්න එපා .
තක්කාලි නටන උනුවතුරෙ විනාඩි 5 ක් තබා පොතු හැර පෙරනයක ආධාරයෙන් ඇට නොසිටින්න මත් ගාමින් පල්පය පෙරා ගන්න. ( පල්පය 400g එන ප්‍රමානයට තක්කාලි ගන්න)

කුලුබඩු විනාකිරෙන් අඹරා , පිරිසිදු සුදු රෙදි කඩක පොට්ටනියක් බැද ගන්න.

සීනි, කෝන්ෆ්ලා සමග මිශ්‍ර කර , තක්කාලි පල්පයට දමා මද ගින්නෙ රත් කරන්න.

හුමාලය එන අවස්ථාවේ කුලුබඩු පොට්ටනිය දමා ඉතිරි විනාකිරිත් සීනි හා ලුනු දමන්න. 

උකුවනතුරු රත්කර ලිපෙන් බා උනුවෙන්ම ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.

ස්වයං රැකියා වට සුදුසුයි . මෙය මාස 6 ක් පමන කල් තියා ගන්න පුලුවනි.

අවුරුද්දක් පමන කල් තියා ගැනීමට නම් සෝඩියම් බෙන්සොඑට්(Sodium Benzoate) 200mg
(යෝගට් හැන්දෙන් 1/5) කිලෝ ග්‍රැම් 1 කට යොදන්න.

සැයු:
භාවිතා කරන සියලුම බදුන් සුදු යකඩ(Stainless Steal ) විය යුතුයි.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 5286
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2383
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3487
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 5388
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 4034
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 16665
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14540
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13709
පෑන් කේක්
By Indunee Welivita
Views - 13575
පැනි රොටී
By Chathurani Priyangika
Views - 10405
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'