katatarasata.com

 

 

ෂාලට් රොයාල් කේක්

- සීතා පොන්නම්පෙරුම විසිණි.



ෂාලට් රොයාල් (Charlotte Royale) කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :

චොක්ලට් රෝල් එක සදහා:

පිටි 100g
සීනි 120g
චොක්ලට් පවුඩර් මේස හැදි 1
බිත්තර 4 -5
කෝන්ෆ්ලා තේ හැදි 1
වැනිලා තේ හැදි 1
ක්‍රීම් ඔෆ් ටාටා පින්චක්
දියකර ගත් බටර් තේ හැදි 1

බටර් හෝ චොක්ලට් අයිසින්
========

මූස් එක සදහා :

උකු කිරි 225g
විපින් ක්‍රීම් 250ml
අයිසින් සීනි 10g
චොක්ලට් පවුඩර් මේස හැදි 1
වැනිලා තේ හැදි 1
කිරි 250ml

සාදන ක්‍රමය:

පලමුව චොක්ලට් රෝල් එක හදන්න.

බිත්තර සුදුමද කහමද වෙන් කර සුදුමද වලට ක්‍රීම් ඔෆ් ටාටා දමා බීට් කර, සීනි වලින් බාගයක් දමා පුලුන් ආකාරයට බීට් කරන්න.

කහ මද ටිකත් බීට් කර ඉතිරි සීනි දමා තවදුරටත් බීට් කර , සුදුමද වලට සෙමින් මිශ්‍ර කරන්න.

කෝන්ෆ්ලා සහ චොක්ලට් පවුඩර් දමා හලා ගත් පිටි, බටර් සහ වැනිලාද කලවම් කර , ලයින් කර ගත් ස්විස් රෝල් තැටියක , 180*c ට විනාඩි 15 ක් පමන හෝ බේක් වනතුරු තබා, අයිසින් සීනි ඉසගත් ඔයිල් පේපර් එකක් උඩට බාන්න. තව ඔයිල් පේපර් එකක් හෝ තෙත සර්වියට් එකක් උඩට නැවත හරවා දමා වටේ පොඩ්ඩක් කපා රෝල් කරන්න. 

ටිකක් නිවෙන්න තබා නැවත දිග හැර අයිසින් තවරා රෝල් කර ශීතකරනයේ තබන්න.

=======

මූස් එක:

කූල් කල විපින් ක්‍රීම් බීට් කර අයිසින් සීනිද දමා බීට් කර ක්‍රීම් එක සාදා ගන්න. 

කිරි වලට චොක්ලට් පවුඩර් දියකර, උකු කිරිද කලවම් කර , වැනිලාද දමා විපින් ක්‍රීම් එකට සෙමෙන් මිශ්‍ර කරන්න.

=====

කේක් එක හදමු

චොක්ලට් රෝල් එක 1/2 " පමන පෙති කපා ලන්ච් ෂීට් එකක් දැමූ බදුනක වටේට හිදැස් නොසිටින ලෙස අඩුක් කරන්න.

දැන් මූස් එක පුරවා ටික වේලාවක් ෆ්‍රීසර් එකේ තබා එලියට ගෙන උඩින් නැවත චොක්ලට් රෝල් එකෙන් වසා, පැය 6ක් පමන ෆ්‍රීස් කර පිලි ගන්වන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 4835
දියබත්
By Ishara Sajani Kavinga
Views - 2129
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 3233
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 4985
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 3650
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 15968
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 14008
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 13185
පෑන් කේක්
By Indunee Welivita
Views - 12858
පැනි රොටී
By Chathurani Priyangika
Views - 9958
Copyright © 2020 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'