katatarasata.com

 

 

චොක්ලට් කේක්

- සීතා පොන්නම්පෙරුම විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය:
පිටි 250g
සීනි 250g
බිත්තර 4
බටර් 250g
චොක්ලට් පවුඩර් මේස හැදි 3
බේකින් පවුඩර් තේ හැදි 2
ආප්ප සෝඩා තේ හැදි 1/2
ක්‍රිම් ඔෆ් ටාටා පින්චක්
කෝන් ෆ්ලා මේස හැදි 1
කිරි මේස හැදි 2
වැනිලා තේ හැදි 2

සාදන ක්‍රමය:

බටර් වලට සීනි ටික ටික දමමින් සීනි දියවෙනතුරු බීට් කරන්න. ඉන්පසු බිත්තරය බැගින් දමමින් මිශ්‍රනය ක්‍රීම් වනතුරු බීට් කරන්න.

පිටිවලට , චොක්ලට් පව්ඩර්, බේකින් පවුඩර්, ක්‍රීම් ඔෆ් ටාටා, ආප්ප සෝඩා, කෝන් පිටි දමා තුන් වරක් හලා ගෙන බටර් මිශ්‍රනයට ටිකටික එක්කරමින් වැනිලා සහ කිරිද දමමින් ලී හැන්දකින් එකම අතට මිශ්‍ර කරන්න. කලින් ලයින් කරගත් තැටියක දමා සෙ. 200 ට රත් කරගත් අවන් එකේ වි. 30 -45 අතර බේක් කර ගන්න. 
(කාලය තීරනය වන්නෙ ට්‍රේ එකේ ගැඹුර සහ අවන් එකේ ක්‍රියා කාරිත්වය අනුවයී)
ඒනිසා කේක් එකේ මැදට පිරිසිදු ඉරටු කැල්ලක් ඇතුල් කර චෙක් කර බලන්න.

කේක් එක සොෆ්ට් වෙන්න නම්:
ඔයාලා පිටි කිරන කොට මුලින් බේකින් පවුඩර්, ක්‍රීම් ඔෆ් ටාටා, ආප්පසෝඩා, චොක්ලට් පව්ඩර්, කෝන් ෆ්ලාර් තරාදියට දමා ග්. 250 වෙනතුරු පිටි එක්කරන්න.

චොක්ලට් බටර් අයිසින්:

බටර් 250g
අයිසින් සීනි 350g
වැනිලා තේ හැදි 1
චොක්ලට් පවුඩර් මේස හැදි 1-2 (ලාවට නිවුන කිරි ටිකක දියකරගෙන
හේතුව: බටර් සහ අයිසින් බීට් කරනකොට විසිරෙන නිසා.
මේවා ක්‍රීම් වනතුරු බීට් කර ගන්න.

තව දෙයක් අවශ්‍යයි. ඒ ෂුගර් සිරප්. කේක් එක පොගවා ගැනීමට.
සීනි මේස හැදි 3ක් වතුර කෝප්ප 1/2 දමා ටිකක් උකු වනතුරු රත්කර ගන්න.
දැන් කේක් එක අයිසින් කරමු.
හරි මැදින් දෙකට පලා ගන්න. ඉන්පසු ගෑරුප්පුවක් අරගෙන යට කොටස තැනින් තැන ඇන ෂුගර් සිරප් ටිකක් වක් කරන්න. ඉන්පසු අයිසින් ටිකක් දමා ලෙවල් කරගන්න. දැන් උඩ කොටසින් වසා එම කොටසද තැනින් තැන් ගෑරුප්පුවෙන් ඇන ෂුගර් සිරප් වක්කරන්න.
 දැන් උඩ කොටසද අයිසින් වලින් වසා ගන්න.
කේක් එකේ මැද සුදු පාටින් අවශ්‍ය නම් බටර් අයිසින් වලින් සැන්ඩ්විච් කරගන්න.

සීතා පොන්නම්පෙරුම ගේ වෙනත් කෑම වට්ටෝරු


තක්කාලි සෝස්
සීතා පොන්නම්පෙරුම

ඇම්බරැල්ලා චට්නි
සීතා පොන්නම්පෙරුම

ෂාලට් රොයාල් කේක්
සීතා පොන්නම්පෙරුම

චොක්ලට් කේක්
සීතා පොන්නම්පෙරුම
දැන්වීම්
නවතම කෑම වට්ටෝරු
දියබත්/දිය බත්
By Hiru Sandu
Views - 3129
දියබත්
By Ishara Sajani Kavinga
Views - 1268
පාන් / පීසා මෝලිය
By Dulga Perera
Views - 1908
චිකන් ස්පයිසි බිරියානි
By Niranjala Fernando
Views - 3135
අමු පහේ කුඩු
By Kanchana Jayasekara
Views - 2417
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 12691
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 11549
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 11366
පැනි රොටී
By Chathurani Priyangika
Views - 8161
තන්දූරි කහබත්
By Dilini Madushika
Views - 7970
Copyright © 2019 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'